මාතෘ භූමියේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් ලෙස රාජ්‍ය තුල එකීනේකාට ගරු කරන, සුබවාදී රාජ්‍යක් ගොඩ නැගීමේ අඩිතාලම මෙසේ ආරම්භ කරමු.
මහනුවර ජීවත් වෙන සියළු ජාතීන් එකිනේකාට ගරු කරමින් සිටින්නා වු වටපිටාව සුරක්ෂිත කිරීම හා වැඩිදියුණු කිරීම.
දිස්ත්‍රිකය පුරා පූර්ණ ළමා වියේ සිට විවිධ අංශ හරහා නව අධ්‍යාපන මොඩියුල සඳහා විවිධ අධ්‍යාපන මට්ටම් සහ සැකසුම් නව රැකියා වෙළඳපොළට සහ සමාජ අවශ්‍යතාවලට අදාළව නිර්මාණය කිරීම. අනාගත සාර්ථකත්වය අධ්‍යාපනය වේ. එහි මුලික ආයෝජනයේ සිට අධ්‍යාපන ප්රතිලාභ ලබන කාලසීමව දක්වා දිස්ත්‍රිකය සවිබල ගැන්වීම.
නූතන කෘෂිකාර්මය නවීන තාක්ෂණ සහ ක්‍රමශිල්ප සහිතව ව්‍යාපාරික අරමුණින් වඩාත් උසස් හා කාර්යක්ෂම කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සහිතව කෘෂි සංස්කෘතිය ආරක්ෂා කළයුතු වේ.
කෘෂිකර්මය සඳහා තාක්ෂණික ප්‍රවේශය තුළින් නූතන ක්‍රම තුළ කෘෂිකර්මයේ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කිරීම, පාරිසරික හිතකාමීතාවය සහ කෘෂිකාර්මික ආදායම වැඩි කිරීමට දිස්ත්‍රිකය සන්නද්ධ කළයුතු වේ.
සංචාරක ව්‍යාපාර සඳහා සංස්කෘතික වු ගැලපීම් සහ නව ආර්ථික රටා නිර්මාණය කළහැක. එහි දි දේශීය සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් සංරක්ෂණය කිරීමත්, සංචාරක ව්‍යාපාර වර්ධනය කොට ආර්ථිකය සමතුලිත කිරීම.
එහිදී විදේශ සංචාරකයින් මෙන්ම, දේශීය සංචාරකයන්ගෙන් සමන්විත තිරසාර ව්‍යාපෘති වෙනුවෙන් මුලිකත්වය ගැනීම.